ආනාපානසති යන්නෙහි අර්ථය හුස්මගැනීම පිලිබඳව මනා සිහියක් ඇතිකරගැනීම යන්නයි (පාලි භාෂාවෙන් සති යනුවෙන් හැඳින්වෙන්නේ මනා සිහියයි. ආනාපාන යනු ආශ්වාසය හා ප‍්‍රාශ්වාසයයි). මෙය බුදුන් වහන්සේ විසින් ඉගැන්වූ මූලිකම භාවනා ක‍්‍රමයයි. ආනාපානසති සූත‍්‍රයෙන් හඳුන්වාදෙන පරිදි මෙම ඉගැන්වීමට අනුව ආර්ය අශ්ඨාංගික මාර්ගයේ කොටසක් ලෙස මෙම භාවනා ක‍්‍රමය පුරුදු පුහුණු කිරීම අවසාන වශයෙන් නිර්වාණය සාක්‍ෂාත් කරගැනීම සඳහා කෙලෙසුන් නැසීමේ මාර්ගය විවරකරදෙනු ලබයි.
අතීතයේ මෙන්ම වර්තමානයේදීද ශාරීරික ප‍්‍රපංචයන් අරමුණු කොටගෙන සිදුකරනු ලබන බෞද්ධ භාවනා ක‍්‍රමයන්ගෙන් වැඩියෙන්ම භාවිතයට ගනු ලබන භාවනාව වන්නේ ආනාපානසතිය යි. සාම්ප‍්‍රදායිකව එය සමාධිය උපදවාගැනීමේ පදනම් භාවනා ක‍්‍රමයක් ලෙස යොදාගනු ලැබේ. සිය නිර්මාණාවබෝධය කරා ගිය ගමනේ බුදුන් වහන්සේ ළගාකරගත් එක් ධ්‍යාන මට්ටමක් වූයේ සිතේ සමාධිය ඇතිකර ගැනීමයි. සෙන් සම්ප‍්‍රදායේදී සාසෙන් හෝ ෂිකන්ටසා (සෝටෝ සම්ප‍්‍රදායේදී) සමඟ ආනාපානසතිය පුරුදු පුහුණු කරනු ලබයි. ආනාපානසතිය සෙසු සාම්ප‍්‍රදායික භාවනා ක‍්‍රම සමඟින්ද වැඩිය හැකිය.
ආනාපානසතිය සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පදනම් වනනේ නිර්වාණාවබෝධය ලබාගැනීමේදී උන්වහන්සේ අනුගමනය කළ අත්දැකීම් පදනම්කොටගෙනය.
ආනාපානසති සූත‍්‍රය මනා සිහියෙන් යුතුව ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් දක්වන අතර මනා සිහියේ අංගයන් වන මනා සිහිය, විශ්ලේෂණය, වීර්ය, පී‍්‍රතිය, ශාන්තභාවය, සමාධිය සහ උපේක්‍ෂාව යනාදී ගුණයන් වර්ධනය කරගැනීමේ මාර්ගයක් ලෙස ආනාපානසති භාවනාව වැඞීමට නිර්දේශ කරනු ලබයි. මෙම ගුණයන් වර්ධනය කරගැනීම තුලින් වේදනාව අවසන් කළහැකි (නිර්වාණය) බව බුදුන් වහන්සේගේ ඉගැන්වීම විය.
…
If you have any questions, please comment here.
No comments:
Post a Comment