විද්‍යුතය යනු විද්‍යුත් ආරෝපණය පැවතීම සහ එය ගලා යාම හා බැදී භොතික සංසිද්ධීන් මාලාවයි. අකුණු ගැසීම. ස්ථිති විද්‍යුතය. විද්‍යුත්-චුම්බක ප්‍රේරණය සහ විද්‍යුත් ධාරාව ගල යාම වැනි සුපතළ ආචරණයන් බොහෝමයක් විද්‍යුතය විසින් සපයයි.
මෙයට අමතරව, රේඩියෝ තරංග වැනි විද්‍යුත්-චුම්බක විකිරණ තැනීම හා අදායනය සඳහාද විද්‍යුතය අවකාශ සලසයි.
විද්‍යුතය (ලතින් භාෂාවෙන් "Electricus) යනු විද්‍යුත් ආරෝපණ හා ඒවායේ ගලා යෑම නිසා ඈතිවන විවිධ සංසිද්ධීන්ට පොදුවේ යෙදෙන පදයකි. එනම් විද්‍යුතය හා අකුණු ගැසීම වැනි නිතර හමුවන සංසිද්ධීන් මෙන්ම විද්‍යුත් චුම්බක ප්‍රේරණය හා විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර වැනි නිතර හමුනොවන සංකල්පද මෙයට ඈතුලත් වේ.
කෙසේ වෙතත් විද්‍යාත්මක භාවිතයේදී මෙය ප්‍රමාණවත් නොවන නිශ්චිත අරුතක් රහිත වදනක් බවට පත්වන අතර මෙහි විවිධ අර්ථයන් වෙන් වෙන්ව විශේෂකර දැක්වීම වඩාත් පැහැදිලි ක්‍රමයයි.
- විද්‍යුත් ක්ෂේත්‍රය - විද්‍යුත් වශයෙන් ආරෝපණය වූ වස්තු අතර හටගන්නා සන්සිධි.
- විද්‍යුත් ගමක බලය - විද්‍යුත් ක්ෂේත්‍රයක විද්‍යුත් ධාරාවක් ඇතිකිරීමේ හැකියාව. (වෝල්ට් වලින් මනිනු ලබයි )
- විද්යුත් ධාරාව - විද්‍යුත් ආරෝපිත අංශු වල චලනය වීමක් හෝ ගමන් කිරීම. (ඇම්පියර් වලින් මනිනු ලබයි)
- විද්‍යුත් ශක්තිය - සන්නායකයක් තුලින් ධාරාවක් ගමන් කිරීම නිසා හටගන්නා ශක්තිය .
- විද්‍යුත් බලය - විද්යුත් ශක්තිය වෙනත් ශක්ති ආකාරයකට (ආලෝකය,තාපය,යාන්ත්‍රික ශක්තිය) හැරවීමේ වේගය.
- විද්‍යුත් ආරෝපණ - උප පරමාණුක අංශු අතර හටගන්නා විද්‍යුත් චුම්බක ක්‍රියාකාරිත්වයක්.
- විද්‍යුත් චුම්බක ශක්තිය - විද්‍යුත් ධාරාව නිසා ඇති වන මුලික සංසිද්ධියක්.
No comments:
Post a Comment